/ Jun 08, 2025

ලංකාවේ සංඝ රත්නය මියන්මාරයට දෑත් දිගු කරයි! – 11 වැනිදාට කරන්න යන දේ!

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි ඒ බව පැවසීය.

එමෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ලොවක් සසල කරමින් පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට පිටත්කිරීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ අදාළ තනාපති කාර්යාල වලින් දැනුම්දීම් කළ වහාම අදාළ වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවීම සඳහා කටයුතු කරන බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top