/ Apr 19, 2025

රනිල්ගේ බලාපොරොත්තු ඉටු වෙයි – රජය ගත් තීරණය මෙන්න

මියන්මාරයේ සිදු වූ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මියන්මාර රජය දැනුම්දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවය.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

“මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා.

ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද සෞඛ්‍ය කණ්ඩායමක් දැනටමත් සුදානම් කරලා තියෙන්නේ. මෙය අපි විශේෂ කටයුතු අමාත්‍යාංශය හරහා මියන්මාර තානාපති කාර්යාලයට දැනුම් දුන්නා.

ඔවුන් කිව්වා සුදානම් කර තබාගන්න අවශ්‍ය වූ වහාම ඒ බව දැනුම් දෙන බව. ඒ අනුව පණිවුඩයක් ලැබුන පසු ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top