/ Jun 21, 2025

පොලිසිය සොයද්දි දේශබන්දු බැඩ්මින්ටන් කෙළියේ: සැඟවුණ තතු එළියට!

details of Deshabandu's disappearance

මාතර වැලිගම හෝටලයකට කළ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙක් මිය යෑම සම්බන්ධ නඩුවට ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි දිනවල ගත කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් විය.

පෙබරවාරි 27 දින නඩුව කැඳවූ අවස්ථාව වන විට දේශබන්දු තෙන්නකෝන් බැට්මින් ක්‍රීඩා කරමින් සිට ඇති බවත් අත්අඩංගුවට ගැනීමට සොයද්දී හෝකන්දර නිවසේ සිට ඩෙනිමක් සහ ටීෂර්ටයකින් සැරසී මාස්ක් එකක් පැළඳ හිස්වැස්මක් දමාගෙන ගිරිඋල්ලේ පිහිටි නිවසට ත්‍රිරෝද රථයකින් ගිය බවත් පවසා ඇත. 

එහෙත් ඔහු කොස්වත්ත හන්දියේ සිට ගිරිඋල්ලේ නිවසට ගොස් ඇත්තේ, බාර් 11ක හිමිකාරිත්වය දරණ ඔහුගේ සමීප හිතවතෙක් වන සුරංග වීරසූරියගේ මොන්ටෙරෝ ජීප් රථයෙන් බව විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.

මෙහිදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් බූවල්ලෙක්ට සමාන බවත් ඔහුගේ අඬුවල තවත් එල්ලී ඉන්නා බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top