ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවෙන් විදේශ රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද (5) පිලිගන්වනු ලැබීය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නායකයින් දෙපලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුව අතරතුරදීය.
ශ්‍රී ලංකාවට සහ මෙහි වෙසෙන ජනතාවට ලබා දුන් ශ්‍රේෂ්ඨ මිත්‍රත්වය සහ නොබිදුණු බහුවිධ සංකේතයක් ලෙස විදේශ රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ බවයි ජනාධිපති අනුර කුමාර දිසනායක එම අවස්ථාවේ දී වැඩිදුරටත් කියා සිටියේ.