/ Apr 20, 2025

කඩාවැටුණු කොටස් වෙළඳපොළේ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වුණි.

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළයෑමක් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top