නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයක දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකි.
ඔහු කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු 37 හැවිරිදි වියේ පසුවූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු බීමත්ව සිට ඇති බවයි