/ Jun 08, 2025

මාළු ලොරියක තිබී හමු වූ කෝටි ගණනක් වටිනා දේ!

මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයකින් මෙම ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, පිටිපන ලෙල්ලම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ලොරි රථයේ සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 200ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට අධික බවයි පොලිසිය පෙන්වාදෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top