/ Jun 09, 2025

පුතෙකු විසින් පියාට කළ අහස පොළොව නුහුලන අපරාධය

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී කාලයේ දී පුතෙකු විසින් පියා ඝාතනය කර තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 54ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහර දී තිබේ.

පසුව පහරදීමෙන් බරපතල තුවාල ලබා සිටි පියා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇත.

මෙම අපරාධය සිදුකර අත්තේ වයස අවුරුදු 20ක් වන මරණකරුගේ පුත්‍රයා බවයි පොලිසිය පැවසුවේ. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top