/ Jun 15, 2025

සිරි දළදා වන්දනාවේ තෙවන දිනය අදයි

”සිරි දළදා වන්දනාවේ” තෙවැනි දිනය අදට (20) යෙදී තිබේ.

ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිට පස්වරු 05.00 දක්වා සැදහැවතුන්ට දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා වේ.

“සිරි දළදා වන්දනාව” එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇත,

පසුගිය 18 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් මෙහි සමාරම්භක උතසවය පැවැත්විණි.

මේ අතර ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර ඊයේ දිනයේදී එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top