අද (21) උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහකඩේ හංදිය අසලදී සිදු වූ අනතුරකින් යුවළක් මිය ගොස් තිබේ.
උදෑසන 6.30ට පමණ ගලේවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කළ එම යුවළ ගමන් ගත් යතුරුපැදියේ හැපුණු සුනඛයෙකු නිසා එය පාලනය කර ගැනීමට නොහැකිව කාණුවට වැටී තිබේ.
මෙම යුවළ සමඟ ඔවුන්ගේ කුඩා දරුවාද ගමන් කර ඇති අතර අනතුරින් ඔහුට ද තුවාළ වී ඇතත් ජීවිතය ගැලවී ඇත. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31 සහ 21 වයසැති තරුණ යුවළකි.
මෙම පිරිස දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකරුවන් වෙති. කුඩා දරුවාගේ වයස අවුරුදු එකහමාරක් බවයි පැවසෙන්නේ.