/ Jun 22, 2025

අධිකරණයට භාර වූ නෙවිල් සිල්වාට දුන් නියෝගය!

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාට ඇප ලබා දී තිබේ.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ඔහු අද (24) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබුණි.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය.

එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 9 වැනි සැකකරු ලෙස නම් කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා යන අයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top