පසුගිය 18 වැනිදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව වැඩසටහන අදින් අවසන් කෙරේ.
පෙරවරු 11ට අරඹා සවස 5:30ට අද වැඩසටහන අවසාන කෙරෙනු ඇති.
ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ‘සිරි දළදා වන්දනාව’ සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බව වාර්තා වේ.