/ Oct 19, 2025

ජාතිවාදීන්ට කම්මුල් පහරක්: ශාෆි දියණිය වෛද්‍ය විද්‍යාලයට ඉහළින් ම සමත් වේ

2019 දී ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවලට ලක් වූ වෛද්‍ය ශාෆි සහාබ්දීන්ගේ දියණිය මෙවර උසස්පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇත. ඒ අනුව ඇය වෛද්‍ය පීඨයට ඇතුළත්වී තිබේ.

ව්‍යාජ චෝදනා මත ඇති වූ තත්වය හේතුවෙන් දැඩි පීඩාවක් සහ පාසලෙන් ඉවත් වීමටත් ඇයට බල කෙරුණද පෞද්ගලික අපේක්ෂිකාවක් ලෙස විභාගයට මුහුණ දුන් ඇය මෙසේ ජයග්‍රහණය කළා ය.

විද්‍යා ධාරාවෙන් විභාගයට මුහුණදී ඒ සාමාර්ථ තුනක් මෙවැනි දුෂ්කර කොන්දේසි යටතේ ලබා ගැනීම ඊනියා ජාතිවාදීන්ට කන්සයට එල්ල කළ පහරක් වැන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top