/ Sep 16, 2025

BREAKING : පානදුරේ වෙඩි පත්තු වේ!

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top