/ Jul 27, 2025

සිරි දළදා වන්දනාවේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 35ක් විසුරුවලා!

මහනුවර නගරයේ පසුගිය දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව දළදා ප්‍රදර්ශනයේදී පැමිණි ජනතාව විසින් ප්ලාස්ටික් බෝතල් පමණක් ලක්ෂ 35ක පමණ ප්‍රමාණයක් පරිසරයට මුදා හැර ඇතැයි වාර්තා වේ.

මේ වන විට මහනුවර කසල අංගනයේ වර්ග නොකළ කසල ටොන් 625කට ආසන්න පමණයක් කොළඹට ගෙනැවිත් කොළඹ මහනගර සභාවේ කසල දාහකයෙන් පුළුස්සා දැමීමට තීරණය කර ඇති බව මහනුවර නගරසභා ආරංචිමාර්ග වාර්තා කරයි.

දළදා ප්‍රදර්ශනයට පසු එකතු වූ කසල ස්වේච්ඡා සංවිධාන කිහිපයකද උදව් ඇතිව නගර සභාව විසින් ගොහාගොඩ කන්දේ කසල අංගණය වෙත ගෙන යන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top