හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
2013 වසරේ අප්‍රේල් මස 07 වනදා කොටහේන ප්‍රදේශයේ දී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
ඒ අනුවයි විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ.