සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එම් විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.
පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල, ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.
එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.
ඔහුගේ ඥාතීන් සහ මිතුරන් පවසන්නේ විශ්ව විද්‍යාලයේ දී ඔහු දරාගත නොහැකි ලෙස නවකවධයට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි නසාගත් බවයි.
මේ සම්බන්ධව මියගිය චරිත්ගේ මව හැඬු කඳුලින් මෙලෙස පැවසුවාය.
“එයාට ගියාට පස්සේ වධ දීලා මගේ පුතාට, යට කළිසමත් ගැලෙව්වාලු, බිත්තියේ ඔළුව වැද්දෙව්වාලු, මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇන්නාලු. ඒ කරලා කබඩ් එකක් ඇතුළට තල්ලු කරලා. ගෙදර ආවට පස්සේ අම්මිට මුහුණ දුන්නෙත් නෑ”…..
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ දී සහ නේවාසිකාගාරය තුළ දී මෙම සිසුවා සියදිවි නසා ගැනීමට ආසන්න දිනයන්හි දී නවකවධයට ලක් වූ ආකාරය සම්න්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් පළ වී තිබුණි. නේවාසිකාගාරය තුළ දී චරිත් කොට කලිසමක් ඇඳ සිටින අවස්ථාවක එය දුටු තෙවන වසරේ ශිෂ්‍යයන් පිරිසක් විසින් ඔහුව දැඩි ලෙස ලැජ්ජාවට පත්වන අන්දමින් කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඇති වූ මානසික කම්පනය මත චරිත් සියදිවි නසා ගන්නට ඇති බවත් බොහෝදෙනා මත පළ කර තිබුණහ.
නමුත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.