ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා තබා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටා යන අයට ජංගම දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙකු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ළඟ තිබී සොයාගත් දුරකතනය කොස්තාපල්වරයා විසින් ලබා දුන් එකක් බවට තොරතුරු අනාවරණය වී ඇත.