/ Sep 16, 2025

අදූෂිතයන් සමඟ එක් වෙන්න පුළුවන් : ටිල්වින්ගේ සංඥාව දිලිත්ට ද?

2025 පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵල නිකුත්ව අවසන් වී තිබේ. එහිදී පළාත් පාලන ආයතන ගණනාවක් තනි පැහැදිලි බලයක් හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. කෙසේ වෙතත් තවත් විශාල සංඛ්‍යාවකට එම පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබී තිබුණද බහුතර බලය ලැබී නැත. පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵල නිකුත් කර අවසන් වූ පසු මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ රජයේ ජනවරම මෙවර මැතිවරණයෙන්ද ජනතාව විසින් තහවුරු කර ඇති බවයි.

තමන් විශාල සංඛ්‍යාවක් පළාත්පාලන ආයතන ජයගෙන ඇති බව කී ඔහු බහුතර බලය අහිමි වූ ආයතන සඳහා දූෂණයෙන් තොර පිරිස් සමඟ එක් වීමට කැමැත්ත පළ කළේ ය. ඒ අතර දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්ජවජන බලය පක්ෂය ළදරු පක්ෂයක් ලෙස මෙවර කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඔවුන් මුළු රටේ ම සභිකයන් 226ක ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.

දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පැවසූ අදුෂිතයන් සමඟ වන සන්ධානය සර්වජන බලය පක්ෂයේ දිලිත් ජයවීර වෙත දැල්වූ කොළ එළියක් විය හැකි බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top