අකුරැස්ස ප්‍රදේශයේ මත්ස්‍යය වෙළඳපොලක් ඉදිරිපිට මාළු ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ.
අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු හා අකුරැස්ස පොදු වෙළඳපොළ භූමිය ඉදිරිපිට මාළු වෙළඳාමේ නිරත පිය – පුතු දෙදෙනෙකු අතර එම ගැටුම හටගත් බව වාර්තා වේ.
ගැටුම අතරතුර දී දෙපාර්ශ්වය විසින්ම තියුණු පිහි උපයෝගී කරගනිමින් එකිනෙකාට පහර දීී තිබේ.
පැවති හිත් අමනාපකමක් මත එම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ 33 හැවිරිදි පුතු සහ 57 හැවිරිදි ඔහුගේ පියා මේ වන විට ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ගැටුමෙන් පුත්‍රයාගේ අතක එක් ඇඟිල්ලක් වෙන් වී ඇති අතර පියාගේ එක් අතක්ද වෙන්වන ලෙස කැපී ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි





