ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිව තිබෙන ගැටුමේදී කිසිදු පාර්ශ්වයකට මෙරට භූමිය, මුහුද හෝ ගුවන් කලාපය භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොදීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස කියා සිටියේ ඉන්දියානු කලාපයේ භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපයේ සාමය ආරක්ෂා කරගැනීමේ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවයි.