/ Jun 25, 2025

හිටපු ආණ්ඩුකාරයා තුට්ටු දෙකට මහියංගණේ මහගොඩනැගිල්ලක් ලබා ගත් හැටි!

ඌව පළාත් සංචාරක අමාත්‍යංශය විසින් මහියගණයේ ඉදි කරන ලද සංචාරක සුවපහසු මධ්‍යස්ථානයක් හිටපු ආණ්ඩුකාරවරයෙකු විසින් ඉතා අඩු මුදලකට ලබාගෙන ඇති අයුරු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කෙරුණි.

ඌව පළාත් සංචාරක අමාත්‍යංශය විසින් රුපියල් දස කෝටියක් වියදමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවර අනුර විදානගමගේ විසින් ලබාගෙන ඇත්තේ මසකට රුත 36000ක් වැනි ඉතා අඩු කුලියකට බවයි එහිදී සඳහන් වූයේ. 

මහිංයගණය නගරයේ සාමාන්‍ය අඩි 100ක වර්ගඵලයේ කඩකාමරයක් පවා රුපියල් 50000ක කුලියක් අය කෙරෙන පසුබිමක වර්ග මීටර් 900ක මෙම ගොඩනැගිල්ල මෙලෙස සුළු මුදලකට ලබා ගැනීම බරපතළ වංචාවක් බව දිනිඳු සම්පත් හෙන්නායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top