/ Jun 18, 2025

ධම්මික දසනායක ඉල්ලා අස්වෙයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වැනිදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන්.

ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබීය.

කෙසේ වෙතත් පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top