හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගෙන තිබේ.
මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී ඊයේ (09) මාදුරුඔය ජලාශයට කඩා වැටුණි.
අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් 02 දෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
අනතුර සිදුවන අවස්ථාවේ දී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි