/ Jul 27, 2025

ගැරඬිඇල්ලේ බිහිසුණු අනතුරට හේතුව හෙළිවෙයි?

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් 22 කට මරු කැඳවමින් සිදුවුණ බිහිසුණු අනතුර බසයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

තිරංග පද්ධතියේ හෝ වෙනත් කාර්මික දෝෂයක් අනාවරණය වී නැති අතර මගීන්ගේ ප්‍රකාශ අනුවද එය තහවුරු වෙතැයි කියැවේ.

බස් රථයේ අධික පිරිසක් ගමන් ගැනීම සහ අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යෑම මෙම අනතුරට හේතු වන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top