ලුණු හිඟයක් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ පෙදෙස්වලින් තොරතුරු වාර්තා වේ. මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් පෙදෙස්වල ලුණු හිඟයක් ඇති බව වාර්තා වූයේ අද (13) දිනයේදී ය. ඌරුබොක්ක වැනි ප්‍රදේශවල සමහර වෙළෙඳසැල්වල ලුණු කිලෝවක පැකැට්ටුවක් රුපියල් 350-450 අතර මිලකට අලෙවි වන බව පැවසේ.
තවදුරටත් මෙලෙස ලුණු හිඟය පැවතියහොත් ලුණු කිලෝවක මිල රුපියල් 600-800 දක්වා ඉහළ යනු ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.
පසුගිය සමයේ ද ලුණු හිඟයක් ඇති වූ අතර ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000ක් ගෙන එනු ලැබීය.
සපත්මහා සාගරයෙන් වටවුණු දූපතක දිවි ගෙවන වැසියන්ට ලුණු පිටරටින් ගෙන්වීමට සිදුවීම තරම් විහිළුවක් තවත් නැති ය.