කුරුණෑගල ප්‍රදේශයේ, ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනකු ඊයේ (13) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මිරිගම දාසය පවුව ප්‍රදේශයේ පදිංචි එල්.ජී. මිනුලි අමන්සා නමැති 12 හැවිරිදි දැරියක් සහ රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ පදිංචි එල්.ජී. චසුනි විමන්සා නමැති 17 හැවිරිදි දැරියකි.
මියගිය දැරියන් දෙදෙනා ඥාති සහෝදරියන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.
ඔවුන් ගල්ගමුවේ සිය ඥාති නිවසකට ගොස් එහි පිරිසක් සමඟ දියනෑමට ගිය අවස්ථාවේ මෙම ඛේදවාචකයට මුහුණ පා ඇතැයි පොලිසිය පවසයි.