/ Jun 18, 2025

පොලිසියේ නම්බු කටුවට තවත් පහරක්: ටීචර් අම්මා භාර වෙයි

An investigation into Hayeshika's police protection!

තරුණයෙකුට බරපතළ පහරදීමක් සිදු කළ බවට වන චෝදනාවකට අදාළව පොලිස් කණ්ඩායම් තුනක් විසින් සොයමින් සිටි ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු අධිකරණය වෙත භාර වී ඇතැයි සැලවේ.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න විසින් අද අධිකරණයට දැනුම් දී ඇත්තේ තම සේවාදායිකාව අධිකරණය වෙත භාර වූ බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දිගින් දිගටම ශ්‍රී ලංකා පොලිසියේ අසමත්භාවය මෙම සිදුවීමෙන්ද ප්‍රකට වෙන බව බොහෝ දෙනා පවසති. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, ටියුෂන් ගුරුවරයෙකු වන යෝෂිත හෙට්ටිආරච්චි සහ මෙම හයේෂිකා ප්‍රනාන්දු යන අය අධිකරණය වෙත පැමිණ භාර වෙන තෙක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top