/ Jul 27, 2025

අල්ලන්න පෙර මහින්දානන්ද ඇප ඉල්ලයි!

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කර රජයට මිලියන ගණනක මුදල් පාඩුවක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට යන බවත් පෙර අපේක්ෂිත ඇපයක් මත තමන් මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් නියම කර තිබේ.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top