/ Jun 18, 2025

ආසියාවේ විශිෂ්ඨයන් අතරට අපේ තිදෙනෙක්!

2025 වසරේ ආසියාවේ විශිෂ්ඨයන් 30 දෙනා අතරින් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන තිබේ. සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් නම් කරන මේ පිරිස අතරට මෙරටින් නම් කර තිබුණේ, යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන්. සිල්වා ය.

වයස අවුරුදු 30ට අඩු විශිෂ්ඨයන් 30 දෙනා අතරට ආ යානිකා සමරසේකර සිල්වර් අයිල් වෙබ් අඩවියේ නිර්මාතෘ වන අතර ඇගේ වෙබ් අඩවිය තෑගි දීමේ සංකල්පය අලුත් කරමින් සිය වෙබ් අඩවිය මෙහෙයවූවාය. ඇගේ වෙබ් අඩවිය ආරම්භ කර තිබෙන්නේ 2019 වසරේදී ය.

චරිත් එන්. සිල්වා මෙරට ප්‍රකටව සිටින්නේ සූප නාලිකාවක් වන වයිල්ඩ් කුක් බුක් නාලිකාවේ නිර්මාතෘ ලෙසිනි. කෝටියක් පරිශීලකයන් මේ වන විට ඔහුගේ යූටියුබ් නාලිකාවේ සිටී. 

නිකින් මාතරආරච්චි ශ්‍රී ලංකාව පදනම් කරගත් සිනැප්ස් ඒඅයි ලැබ්ස් සමාගමේ නිර්මාතෘ වෙයි. එය අරඹා ඇත්තේ 2021 වසරේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top