ආනයන සීමා ලිහිල් කරමින් නැවත ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ජූනි 10 වැනි දින දක්වා එම ආනයනයන් සඳහා අවසර ලැබෙනු ඇත. පසුගිය කාලයේදීද ලුණු හිඟයක් ඇති වූ අතර ලුණු මෙට්‍රික් ටොන් 30000ක් එහිදී ආනයනය කෙරුණි.