ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වෙත යොමු කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වෙන බව එහි සඳහන් කර ඇතැයි කියැවේ.
සිසිර විජේවර්ධන වෙත ලබා දී තිබු මෙම පත්වීම ජාතික ජනබලවේගය බලයට පත් වූ පසු ලබා දුන් එකකි.