වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ දී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් දැරියක් මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වට්ටප්පොල ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියකි.
ඊයේ (20) දින මෙම දැරිය නිවසේ ස්ලැබ් එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති අතර එහිදී ස්ලැබ් එක මත ඇද තිබූ විදුලි රැහැනක පැටලී, විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇත.
වත්තට නිරන්තරයෙන් රිලවුන් පැමිණෙන බැවින් නිවසේ ස්ලැබ් එක මත විදුලි රැහැන් අටවා තිබූ බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙලම්බොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.