/ Jul 27, 2025

බනිස් ගන්න ගිය පුංචි දියණිය නොසිතූ මොහොතක දිවියට සමුදෙයි

අද (21) උදෑසන මුලතිව් – කර්නාට්ටු කේනි ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

කෝකිලායි දෙස සිට මුලතිව් දෙසට ගමන් ගත් කුඩා ලොරි රථයක ගැටී බරපතල තුවාල ලැබූ සිසුවිය මුලතිව් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 09 හැවිරිදි පාසල් සිසුවියකි.

අදාළ දැරිය පාසලට රැගෙන යාමට බනිස් මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී අනතුරට ලක් ව ඇති බවයි කෝකිලායි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව මීට පෙරත් රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇති බවට ගම්වාසීන් චෝදනා කරයි.

කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top