/ Jul 07, 2025

මහාධිකරණ විනිසුරුවරියකට අසැබි කෙටි පණිවුඩ යවලා; නීතීඥවරයෙකුට මාංචු

ලිංගික හිංසනයට ලක් වන ආකාරයට මහාධිකරණ විනිසුරුවරියක් වෙත කෙටි පණිවුඩ යැවු නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2022 වසරේ දී අදාළ නීතීඥවරයා විසින් මැසෙන්ජර් ඔස්සේ තමා ලිංගික හිංසනයට ලක් වන සේ කෙටි පණිවුඩ යොමුකළ බවයි අදාළ මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර ඇත්තේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරුව හලාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

එහිදි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top