/ Jul 07, 2025

එංගලන්ත රූ රැජින Miss World තරගාවලියෙන් ඉවත් වෙයි ; හේතුව මෙන්න

72 වන Miss World තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටි Milla Magee එම තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය ගැටලුවක් මත ඇය මෙසේ ඉල්ලා අස්වන බවයි Miss England තරගයේ අධ්‍යක්ෂවරිය වන Angie Beasley නිවේදනය කර ඇත්තේ.

ඇය මේ වන විටත් යළි එංගලන්තයට පැමිණ ඇති අතර, ඇයගේ තීරණය අනුමත කරමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැමවිටම සෞඛ්‍යයට මුල්තැන ලබාදිය යුතු බවයි.

මෙවර 72 වන Miss World තරගාවලිය සඳහා රටවල් 112 ක තරගකරුවන් පිරිසක් සහභාගී වන අතර, එහි අවසන් තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top