කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල, වැලිආර ප්‍රදේශයේ දී අද (24) අලුයම 2.45ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබේ.
මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී මෙම අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ.
එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.