වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් ඊයේ (23) සවස ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
එම විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ දෙවන වසරේ සිසුවියක් නේවාසිකාගාරය තුළ දී මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඇය වැලිකැටිය, කුටුහපුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පවසයි.
සිසුවියගේ මෘත ශරීරය හලාවත රෝහලේ මේ වන විට තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.