/ Jun 16, 2025

මහින්දානන්දට ඇප

ප්‍රමිතියකින් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර මහජන මුදල් කෝටි ගණනක අලාභයක් සිදු කළ බවට වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට ඇප නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර ඇත.

රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 5ක්ද සැකකරු මුදා හළ අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට නියෝගයේ සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top