/ Jul 27, 2025

මාලනියගේ අවසන් කටයුතු ගැන රජය කියන දේ! ; කවුරුත් කතාවෙන ප්‍රශ්නයට ඇමති නලින්ද පිළිතුරු දෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් පුර්ණ රාජ්‍ය ගෞරවයට වඩා වැඩි දෙයක් රජය විසින් ඉටු කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (27) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මාලිනී ෆොන්සේකාගේ පවුලේ ඥාතීන් සමඟ ද සාකච්ඡා කර ඔවුන්ගේ ද කැමැත්ත අකමැත්ත ඇතිව අවසන් කටයුතු සිදුකළ බවයි.

ඒ අනුව පුර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයක දී ලබා දිය යුතු දේද ඇතුළත් කරමින් ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය ලබාදුන් අනුග්‍රහය වෙනුවෙන් ඇයගේ පවුලේ ඥාතීන් සෑහීමකට පත්වන බවත්, ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය ද රජය විසින් මේ වන විට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top