පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.
කොළඹ – පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ 4ක් පිටත් කළ බව සඳහන්.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය තවදුරටත් පැවසුවේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න නිවීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් වෙළඳසැල මුළුමනින්ම දැවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිවන අවස්ථාවේ දී කොළඹ සිට පිළියන්දල දෙසට ගමන් ගන්නා මං තීරුව මුළුමනින්ම වසා දමා තිබුණි.