/ Jun 09, 2025

පොසොන් උත්සවයට අනුරපුරේ යන ඔබට නොමිලේ දුම්රිය ගමන්වාර රැසක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

එමෙන්ම මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) වන දින සිට එළැඹෙන 12 දින දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මීට සමගාමීව නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකර තිබේ.

ඒ අනුව අනුරාධපුරය දක්වා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් එම පහසුකම් දුම්රිය ස්ථානය මගින් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top