/ Jun 09, 2025

සුව වැඩවැරුම නවතී; සංගම් පහම එක් තීරණයක් ගනී

අඛණ්ඩව දින තුනක් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය සිදුකළ වැඩවර්ජනය අද (8) පෙරවරු 8.00ට අවසන් කර තිබේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 5ක් සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පසුගිය 5 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කළහ.

එම සංගම් 5න් 4ක් ඊයේ (7) පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමූ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් පමණක් ඊයේ දිනය පුරා වර්ජනයේ නිරත විය.

ඒ අනුව එම සංගමය ඊයේ පෙරවරුවේ තීරණය කර ඇත්තේ අද උදෑසන 8.00 සිට සිය වැඩ වර්ජනය අවසන් කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top