/ Apr 20, 2025

රෝගීන් කබලෙන් ලිපට වැටේ ! – වැඩ වැරුම ඇරඹේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) උදෑසන 7.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ය.

අයවැය මඟින් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම පැය 24ක වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ඔවුන් සැලසුම් කළ පරිදි මෙම වැඩවර්ජනය අද උදෑසන ආරම්භ කෙරිණි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 07ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩ වර්ජනය සඳහා එක්ව සිටී.

කෙසේ වෙතත් වැඩ වර්ජනය සිදුකරන කාලය තුළ සියලුම හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සපයන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල හෙට දිනයේ දී මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔවුන් සඳහන් සිටී.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙලෙස පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top