සිවිල් ඇඳුමින් සැරසුණු හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (10) දින අලුයම එකට පමණ හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ.
එහි හිමිකරුට පහරදීමට තැත්කර, දියණියට පරුෂ වචනයෙන් බැණ වැදුණ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් විමර්ශනයක් අරඹා ඇත.
අදාළ පොලිස් නිලධාරීන් පිරිස රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ස්ථානයෙන් බැහැර යන බවට කිසිදු සටහනක් පොලිසියේ සටහන් පොතේ තබා නැති බවද වාර්තා වේ.
පසුගිය දා පොලිස්පතිවරයා තම ආයතනයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, අනීතිකව සහ දූෂිතව හැසිරෙන කිසිදු නිලධාරියෙක් පොලිස් සේවයේ තබා නොගන්නා බවයි. එම ප්‍රකාශය සිදු කර වැඩි කාලයකට පෙර හැටන් පොලිස් නිලධාරීන්ගේ මෙම හැසිරීම උත්ප්‍රසාත්මක බව පෙනී යයි.