/ Feb 13, 2026

ඊශ්‍රායෙලය ඉරානයට පහරදීම අරඹයි: ඉරාන අණදෙන නිලධාරීනුත් මරුට!

තහවුරු නොකළ වාර්තා අනුව අද (13) අලුයම ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී මේජර් ජනරාල් හොසේන් සලාමි මියගොස් ඇත.

ටෙහෙරාන් සහ රට පුරා අනෙකුත් පළාත්වල සිදු වූ මහා පරිමාණ ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මිය ගිය අය අතර තවත් IRGC ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙකුද සිටී. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා අනුව ප්‍රවීණ න්‍යෂ්ටික විද්‍යාඥයින් වන මොහොමඩ් මෙහ්ඩි සහ ෆෙර්ඩූන් අබ්බාසිද මරුමුවට පත්ව ඇත.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිද් අල් කමේනි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, නේවාසික ප්‍රදේශවලට පහරදීමෙන් ඊශ්‍රායලය තම දරුණු ස්වභාවය අන් කවරදාටත් වඩා පෙන්නුම් කර ඇති බවයි. ඔහු අනතුරු අඟවන්නේ දැඩි දඬුවම් අපේක්ෂා කළ යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top