/ Feb 13, 2026

IMF ලොකු නෝනා කෙනෙක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට පැමිණි තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා ගීතා ගෝපිනාත් ඇතුළු දූත පිරිස මෙලෙස දිවයිනට ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබුණි.

ඇය සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ද සභාගීවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top