ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් රැකියා සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දී ඇත.
තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නම් තරුණයෙකි.
තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බව තානාපතිවරයා සඳහන් කර ඇත.