/ Jun 16, 2025

බීමත් රියදුරා මව්වරුන් දෙදෙනාගේ දිවි උදුරා ගනී: දියණියන්ටත් බරපතළයි!

බීමතින් රිය පැදවූ අයෙකු විසින් පදික මාරුවක් මත දී සිදු කරන ලද අනතුරක් හේතුවෙන් එකම පවුලේ සොයුරියන්  දෙදෙනෙකු මරුමුවට පත්ව කුඩා දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලද පුවතක් කෝරළඉම පෙදෙසින් වාර්තා වේ.

එම පෙදෙසේ පැවැති අවමංගල උත්සවයකට ආ මෙම පිරිස තවත් ඥාති නිවසකට යාම සඳහා පදික මාරුව මතින් ගමන් කරමින් සිට ඇත්තේ ඊයේ (16) රාත්‍රී 9.25ට පමණ ය; ගෝනපොල සිට කොළඹ දෙසට පැමිණි සුඛෝපභෝගී මොටර් රථයක මොවුන් ගැටී තිබේ.

කඩිනමින් රෝහල්ගත කළද කාන්තාවන් දෙදෙනා මියගොස් ඇත. එක් කාන්තාවකගේ දරු දෙදෙනා අනතුරින් බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරනු ලබයි.

මිය ගිය කාන්තාවන් දෙදෙනා, 45 සහ 50 වයස්වල පසුවන අතර මිය ගිය අනෙක් කාන්තාව තිදරු මවකි.

අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය 28 වියැති වන අතර දියණිය සමඟ කොත්තු මිලට ගැනීමට ගොස් ආපසු එද්දී අනතුර සිදුව ඇත. මොරගහහේන පොලිසිය ප්‍රකාශ කරන්නේ අනතුර වෙද්දී රියදුරා බීමත්ව සිට ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top