කොළඹ මහනගර සභාව වෙනුවෙන් නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (16) පැවැති ඡන්ද විමසීමේදී බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය අත්තනෝමතික ලෙස ක්‍රියා කළ බවට සමගි ජනබලවේගයෙන් නගරාධිපති ධුරයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රීසා සාරුක් චෝදනා කරයි.
කොමසාරිස්වරිය ඒකපාර්ශ්විකව ක්‍රියා කළ බවත්, රහස් ඡන්දයක් තෝරා ගැනීමෙන් පාලක පක්ෂයට වාසියක් ලබා දුන් බවත් ඔහු කියා සිටී.
මෙම රහස් ඡන්දය ආණ්ඩු පක්සයේ බලපෑම යටතේ සිදු කළ බවත්, සභික විරෝධතා නොතකා ආරම්භයේදීම එසේ ප්‍රකාශ කළ බවත් කී සාරුක් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයද බහුතර මන්ත්‍රීවරුන් විසින් තීරණය කළ යුතු බවයි අවධාරණය කරන්නේ.